සිත්තමක් වගේsiththamak wagee

Siththamak Wage

සංගීතය:
මලිඳු නිවන්තmalindu niwantha
පද රචනය:
චතුර ජයවීරchathura jayawiira

ගී පද

සිත්තමක් වගේ සිත ලඟ ආදරෙන් බැඳී
පින්න මල් සැලේ නෙතු ලඟ සීතලෙන් වෙලී
නිල් දෙනෙත් නුඹේ දිලිසෙයි මා දිහා හැරී
ලෝකයම මගේ ලස්සන දෙව්ලොවක් වැනී

පාට පාට හීන හින්ද නුඹ නමින් ගෙනා
නීල නිම්නෙ මාලිගා මා ඉදි කලා
ජීවිතේම ලංවෙලා රාත්‍රියයි සඳයි වෙලා
නින්ද නම් එපා කියා ඉමු තුරුල් වෙලා

කෑ ගසා හඬින් කියන්න ආදරෙයි කියා
ලෝකයේ වෙනත් කතා නෑසෙනා නියා
සාගරේ තරම් වෙලා ආදරේ කරත් සදා
කඳුල නම් එපා කියා ඉමු හිනා වෙලා

සිත්තමක් වගේ.....