සිත්තම් කරමින් මනසේ ඔබෙ රුවsiththam karamin manasee obe ruwa

Siththam Karamin Manase

ගී පද

සිත්තම් කරමින් මනසේ ඔබෙ රුව
කවදා හෝ යලි දකින තුරා
රැව් පිලිරැව් දේ ඇසෙන ඔබේ හඬ
යලි මගෙ සව්නත ගැටෙන තුරා
රිදෙන්න දුන් ජීවිතය අරන් මං
විඳවන්නද මේ භවය පුරා..

දෙලොවක් අතරේ සරන ඔබේ හිත
මෙතරම් සසැලෙන්නැට්ගුව් ඇතී
ඔබ මගෙ මුලු ලෝකයම නිසා මට
වැඩියෙන් දුක දැනෙනවාඇතී
රිදෙන්න දුන් ජීවිතය අරන් මං
විඳවන්නද මේ භවය පුරා..

භවයෙන් භවයේ අහිමිව හිමි වන
නොපිරූ පාරමිතාව පුරා
සමුගනිමුද අපි අපේම වූ මතු
භවයක යලි හමුවෙමුයි කියා
රිදෙන්න දුන් ජීවිතය අරන් මං
විඳවන්නද මේ භව ‍ය පුරා..

සිත්තම් කරමින්...