ගී පද
සිතිවිලි ඔපලා දිය ඇලි සේ සරසා
මව්වරු සිටියා ඉපනැලිසේ ඉවසා
(ඒ බෝසත් ගුණ දකිනා දරුවන්
ඉර හඳ සේ මුළු ලොවට වටිනවා...//)
කඳුලැලි සඟවා හසරැලි මුව ගවසා
පියවරු සිටියා කඳුවැටි සේ වටලා
ඒ බෝසත් ගුණ දකිනා...//
සෙනෙහස දල්වා සඳමිණිකැන් අතුරා
ගුරුවරු සිටියා ගණදෙවි බල පතුරා
ඒ බෝසත් ගුණ දකිනා...//
සිතිවිලි ඔපලා දියඇලි සේ....
ඒ බෝසත් ගුණ දකිනා...//