සිතින් ආදරේ කරන්නේsithin aadharee karannee

Sithin Adare Karanne

සංගීතය:
ප්‍රියන්ත නාවලගේpriyantha naawalagee
පද රචනය:
ආරධනා ඒකනායකaaradhhanaa eekanaayaka

ගී පද

සිතින් ආදරේ කරන්නේ ආදරේ නොකියා හිඳින්නේ
ඇස් දෙක කියනා කතා ඔබේ
නොදුටුව සේ මා හිඳින්නේ ඔබ මට හිමි නැති හින්දානේ
ඇස් දෙක කියනා කතා ඔබේ
ඈතින් හිඳ මා බලන්නම් ආදරේ නොකියා ඉන්නම්
(ආදරෙයි ආදරෙයි ආදරෙයි නොකියා හිඳින්නම්...//)

නොදැක ඉන්න හැම විටදී ඔයා
සිතට දැනෙන්නේ වේදනා
මගේ නොවන ඇස් දිහා බලා
කොහොමද දෙන්නේ පෙම කියලා
ඔබ මට හිමි නැති හින්දානේ
(ආදරෙයි ආදරෙයි ආදරෙයි නොකියා හිඳින්නම්...//)

නිදි නැති රෑ ඔබ ගැන සිතා
කඳුළැලි ගැලුවා දෑසේ මා
මගේ වෙන්නේ නැති නිසා ඔයා
තනිවම ආදරේ දුක වින්දා
ඔබ මට හිමි නැති හින්දානේ
(ආදරෙයි ආදරෙයි ආදරෙයි නොකියා හිඳින්නම්...///)