සිතින් අද මම හඩන්නේsithin adha mama hadannee

Sithin Ada Mama Hadanne

ගී පද

සිතින් අද මම හඩන්නේ
නැති නිසයි ඔයා මගේ ජීවිතේ
කලක් ගොස් මට එය වැටහුණේ
කලේ වරදකි ජීවිතේ

ගෙවී ගොසින් දැන් වසර ගණන්
සමාගන්න නෑ දුන්නේ වරම්
සිතත් රිදුම් දෙයි මැරෙන තරම්
ගලක් වගේ සිත දරුණු කරන්
බලා හිඳිමි මම තව මොහොතක්
ඇවිදින් පවසන තුරු වදනක්

හඩා ඉන්න බෑ ලොවට හොරෙන්
සිනාසෙන්නෙ මා හඩන සිතින්
දහස් වරක් මා පතමි හදින්
එක්වෙමු ආයෙත් පුරුදු ලෙසින්
එක සැරයක් ළං වෙන්න පෙමින්
මැරෙන්න යන මොහොතකය කලින්

සිතින් අද මම .............