ගී පද
(සිතෙහි රැඳිලා හැඟුම් මවනා
ආදරී නුඹ කොයිබදෝ
ළංව බැඳිලා සිතැඟි විලසා
පෙම් කරන්නේ කවදාදෝ ....//)
ආලවන්තව හැඟුම් රන්දා
මම දෙයක් පවසන්නදෝ
(ඔබ මගේ කරගන්න ආසයි
අවසරය මට දෙනවාදෝ......//)
සිහින අතුරා රැහැන් බඳිනා
නොවිඳි සෙනෙහස නුඹමදෝ
(හදට එබිලා මා පෙළන්නට
නුඹට කිව්වේ කවුරුන්දෝ.....//)
සිතෙහි රැඳිලා.......//