සිතේ සුසුම් නිවනා ගායනා sithee susum niwanaa gaayanaa

Sithe Susum Niwana Gayana

ගී පද

සිතේ සුසුම් නිවනා ගායනා 
ඔබෙ සවන් සොයා සැණෙකින් පාවෙනා 
මැදියම් රැයේ රැඟුමන් රඟා 
මතක ලෝකේ වේදනා අමතක කළා // 

නැවුම් ගීයක් සිතට එන්නේ 
රස විඳින්නයි අප ගයන්නේ 
අසිරි ලෝකේ සුරපුරක් වේ 
මතක ලෝකේ දුක් නිමාවේ 

සිතේ සුසුම් නිවනා... 

යොවුන් විය නෑ නිති රැඳෙන්නේ 
නොසිතු විලසින් ඉගිල යන්නේ 
දිමුතු පහනක් සේ උදාවී  
අඳුරුවී එය නිවී යන්නේ 

සිතේ සුසුම් නිවනා...