සිතට දැනුනු ඔබේ ආදරේsithata dhaenunu obee aadharee

Sithata Danunu Obe

ගී පද

සිතට දැනුනු ඔබේ ආදරේ
කඳුලු පිරුනු මගේ ජීවිතේ
මං තවම ආදරෙයි මං තවම ආදරෙයි
වෙනසක් නොවේ මගෙ ආදරේ
සිතට දැනුන ඔබේ ආදරේ
කදුලු පිරුන මගේ ජීවිතේ

මහදේ පහන් නිවී ආලෝකයක් නැතී
අදුරේ ගෙවේ ජීවිතේ 
ඔබ නම් සඳක් වැනී ආලෝකයක් ඇතී
ඔය රුව ඇඳේ මා සිතේ
දිගු කාලයක් තුරා ඔබෙ ආදරේ පතා
එන්නේ ඔයා හිමිවෙන තුරා

බෝසත් කමක් ඇති අසරණ කමක් ඇතී
මා පෙම්වතෙක් මේ ලෝවේ
මුවගේ සිනා පිරී ඔබ දෙව් දුවක් වැනී
පිංවන්තියක් දෝ ලඳේ
ඔබව මටනම් හිමී පණමෙන් ලඟින්  ‍රැදී
 ‍රැකගන්නෙමී සදා මියෙනා තුරා