සිතකින් නොවේsithakin nowee

Sithakin Nowe

ගී පද

සිතකින් නොවේ 
ඔබගෙන් සමුගන්නේ
පිළිතුරු නැති හන්දා
කොතරම් පිදුවත්
අගයක් නොවේ නම්
ලතවී හිදින් ඇයිද මා

කිසිවක් නොඅසා රිදවුම් දෙවන්නේ
නොදනී වටහා ගනු කෙසේ //
සිතුවම් මවාවී දෙකොපුල් තෙමා
ඉවසුම් නොදේ මේ ලෙසින්

සිතකින් ...

ඈතින් ඈතට වෙන්වී යන්නම්
නොදකින ලෙසින් වත මගේ //
කඳුලන් වුණාදෝ මගේ ජීවිතේ
උරුමය මෙසේ වේවි නම්

සිතකින් ...