සිත යන අතකටsitha yana athakata

Sitha Yana Athakata

සංගීතය:
ක්ලැරන්ස් විජේවර්ධනklaerans wijeewardhhana
පද රචනය:
වර්නන් පෙරේරාwarnan pereeraa

ගී පද

සිත යන අතකට පාවෙන්නට හැරලා 
මගේ අහිංසක සිතුවිලි බිඳ දමලා
මට පෙම් නොකෙරූ මා නොහඳුනනා
ඔබටද දිනයක දුක සිතෙනා
(පාළු රැයක් එනවා......//)

(මේ අත් භවේදී මා දෑත යාවී
ළං වී දැනෙන්නෙ නෑනේ ළඳේ....//)
මීදුම් වගේ ඈත ආකාශයේ 
ඔබ මා වෙතින් යාවෙලා වෙලුණා.....

(රෑ මල් සැලීලා පාවී ගියා සේ
ඈතින් හමා මේ මාරුතේ......//)
දෑත් නිදි මා ළඟින් වෙන්වුණා නම්
කිමදෝ ළඳේ පෙම් කළේ මා කෙරේ......

සිත යන අතකට.......