සීත රැයක උණුසමක් වගේsiitha raeyaka unusamak wagee

Sitha Rayaka Unusumak Vage

ගී පද

සීත රැයක උණුසමක් වගේ
කතරක් මැද දිය පොදක් වගේ
ඇවිදින් ඔබ හදවතට මගේ
රහසක් මට  කියනවද  නගේ

මල් පොකුරක සුවඳ විඳ විඳ
සමනලියක් වගේ එනවද
අහස පුරා තාරුකා මැද
මගේ පුංචි තරුව ඔබමද

ජීවිතයට සැනසුමක් ගෙනා
පෙම්බර සුර දූතියයි ඔයා
ඔබ මගෙයි මා ඔබෙයි කියා
හිනැහෙමු සැමදා අපේ වෙලා