සිත ඔබට මුවාවීsitha obata muwaawii

Sitha Obata Muwaav

පද රචනය:
අරුණ කිත්සිරිaruna kithsiri

ගී පද

සිත ඔබට මුවාවී ඉකි බිඳිනා
ඔබ ඇය හා සිනාසි සුව විඳිනා
ප්‍රේම ලොවේ දොර කවුලු වැසී
සිත ඉකි ගසමින් හඬන හැටී
සිත පෙමට මුලාවූ දා ඉඳලා

සිත ඉවසන්නෑ කොපමණ සිතුවත්
දුක අඩු වී නෑ කොපමණ හැඬුවත් 
ඔබ පෙම් කර නෑ මා පෙම් කෙරුවත්
සිත පෙමට මුලාවූ දා ඉඳලා

සිත ඔබට මුවාවී......

සිත පිළිගන්නෑ ඔබ ඇගෙ කීවත්
දුක අඩුවක් නෑ ඔබ හමුවූවත්
ඔබ සමුගෙන නෑ ඇය සැනසූවත්
ඔබ ඇයට ලඟා වූ දා ඉඳලා

සිත ඔබට මුවාවී......