සිත මලක් වෙලාsitha malak welaa

Sitha Malak Wela

සංගීතය:
නිහාල් ගම්හේවාnihaal gamheewaa
පද රචනය:
නිහාල් ගම්හේවාnihaal gamheewaa

ගී පද

(සිත මලක් වෙලා නව යෞවන කාලේ 
මම කෝල වෙලා හීන දකින වේලේ 
මන බැලුම් හෙලන මේ විසිතුරු ලෝකේ 
පුන් සඳක් පායලා ලස්සන අහසේ...//)

(සුදට සුදේ මල් පිපිලා නටන ලතාවයි 
මලින් මලේ රොන් උරනා බමර කතාවයි...//)
මධු මීවිත පුරවා සැලෙනා මියුරු සිනා 
ගෙනදේ සතුට වාසනා  
  
සිත මලක් වෙලා නව....

(සුසුම් හෙලන සෝක හදට කියන කතාවයි 
අපේ හදට අමරස දෙන ගීත ලතාවයි...//)
අත් පොඩි එක් කරලා රස ගී කවි ගයලා   
ගෙනදේ සතුට වාසනා

සිත මලක් වෙලා නව....//