සිත හඬවලාsitha handawalaa

Sitha Handawala

සංගීතය:
සජ්ජාඩ් හසන්sajjaad hasan
පද රචනය:
ප්‍රසාද් සමරතුංගprasaadh samarathunga

ගී පද

සිත හඬවලා ඔබ දුර ගියා ඉතින් 
නෑ එන්නේ නෑ ඔය රුව මැකී ගිහින් 
උණුසුම් සුසුම් උකුලේ වෙලී කදුලැල් අදී නෙතින් 
ඉවසන්න බෑ මට ඉන්න බැ සුසුමක් තරම් දුරින් 
සිත හඬවලා ඔබ දුර ගියා ඉතින් 

මගේම වන බව සිතා, ලංවුනා මං හොරෙන් 
ආදරේ බොලොඳ යැයි, වැටහුනේ දැන් තමයි 
ඔබ මං තරම්, මං කල තරම් ආදරේ නෑ ඔයා 
ඔබේ රුව පෙනේ, නෙත ළඟ මැවේ, රෑ සිහිනයෙන් පවා 

පපුතුරේ හැන්ගීලා, දෙතොලේ කිරි හැදි හැටි 
මා හදට ලංවෙලා, ඔබ දුන්නු හසරැලි 
ඇති දැන් රිදුම්, මට ඉන්න බෑ, නුඹ ඉන්නවා වගේ 
නුඹේ ගුණ කියූ මිතරුනුන් නෑ, මං තනි උනා නොවේ 

සිත හඬවලා ඔබ දුර ගියා ඉතින්.. /