සිත හඬයි, මා තනිවීsitha handayi, maa thaniwii

Sitha Handai Ma Thaniwee

සංගීතය:
තුසිත් නිරෝෂණthusith nirooshana
පද රචනය:
හේමසිරි හල්පිටheemasiri halpita

ගී පද

සිත හඬයි, මා තනිවී, මා දවාලයි මේ ශෝකේ 
ආදරයෙන්, මා ලැබුවේ 
කඳුළු පමණද, මේ ලෝකේ
කඳුළු පමණද, මේ ලෝකේ

ඔබගෙ සුරත ගෙන, සයුරු තෙරේ හිඳ 
දිනක සීත සැන්දෑවේ... 
හැඬුව අයුරු මට අඳුරු සිතුවමකි 
තාම හැඬුනු මා දෑසේ... සිහිනයක්ව මායාවේ 
ඇයිද මා මුලාවේ තනිකලේ වියෝගේ 
සෑමදා ප්‍රියේ මා ඔබට ආදරෙයි  
ඔබට ආදරෙයි  

ඉන්න බෑ ලංව ඉතින් සතුට හිමි නෑ සිතට මගේ 
ඇයිද මගේ රත්තරනේ, දිවිය අද මේ අඳුරු කලේ 
දිවිය අද මේ අඳුරු කලේ... 

ඔබගෙ සුවඳ මට තවම දැනෙනවා 
පාළු සීත රෑ යාමේ... 
ඈත කොහෙද ඔබ දෑසෙ දසුන හැර 
සිහිනයක්ව වෙන්වුයේ ආදරේට පිටුපෑවේ 
සඳට අහස වාගේ මලට සුවඳ වාගේ 
සෑමදා ප්‍රියේ මා ඔබට ආදරෙයි  
ඔබට ආදරෙයි... 

සිත හඬයි... /