සිත බිඳුණු දාsitha bindunu dhaa

Sitha Bindunu Da

ගී පද

සිත බිඳුණු දා තරු කඩා වැටුනා
මම ඉකිගසා හැඬුවා ඔබ දන්නෙ නෑ
කුමුදිනිය පෙති ලිහී බොලඳ මගේ සිත රිදී
කඳුළු කැටි ගැසුනා ඔබ දන්නෑ ඔබ දන්නෙ නෑ

සුලඟටත් දුක හිතී //
මලක් ලඟ නැවතී 
මල් රේණුවෙන් රේණුවම ඉම්බා
ඔබ දන්නෙ නෑ ///

සිත බිඳුණු දා තරු කඩා වැටුනා
මම ඉකිගසා හැඬුවා ඔබ දන්නෙ නෑ

අළුත් බඹරිදු රැදී //
තුරුළු වී සිටියා
මල් රේණුවෙන් රේණුවම ඉම්බා
ඔබ දන්නෙ නෑ ///

සිත බිඳුණු දා ....