හිත් පුරා පෙම්hith puraa pem

Sith Pura Pem

ගී පද

හිත් පුරා පෙම් පිරු සෙනෙහස 
ගමට යනතුරු එක්කරන් 
කොච්චරක් වුව බලන් ඉන්නම් 
කමක් නෑ මට මක් කරන්නද රත්තරන්//

සත් වසක් නිමුණ මෙතුවක් 
ඇඟිලි ගැන්නට කොයි තරම් 
එක් කරන්නට අපේ සිතුවිලි 
දවස දුර ඇයි පමා වෙන්නට මේ තරම්...

හිත් පුරා පෙම් පිරු සෙනෙහස .../ 

වත්කමයි නුඹේ හිනා ඉතිරි 
වඩින තුරු නැකතක් අරන් 
නෙත් විලේ පිපි කඳුළු සඟවා 
නුඹේ පෙර මග බලා ඉන්නද රත්තරන්... 

හිත් පුරා පෙම් පිරු සෙනෙහස .../