ගී පද
සිරිපා පියුමේ රොන් සුනු තැවරී
ගිමන් නිවන පවන් හමා ඒ
නිවී පහන් වී ලය සැනහේ
නිවන් දොරට මග පානා
සමනොළ රන්ගිර මුදුනේ
බැන්ද වියන් සේ
අරුනු වලා රන් සළු පැටලේ
සිත කිමිදේ
ලොව්තුරු සුවදේ
කෙලෙස් මලින් පිිරි
සිත සුවපත් වී
පාවී යයි නිසංසලේ
මහ රහතුන් වැඩි මග ඔස්සේ
වලා අතුළ කඳු වැටි අතරේ