සිරිමහ බෝමුල විදුරසන මතsirimaha boomula widhurasana matha

Sirimaha Bomula

ගී පද

සිරිමහ බෝමුල විදුරසන මත
බෝසත් වැඩ වෙසෙනා.....
තුරගා රැගුමන් දිනනා නැටුමක
{මාර දූ වරු තිදෙනා.....} //

රතී වයන්නේ රගා රගන්නේ
තන්හා ගී ගයතේ...//
මෙකී ලදුන්බදු ලදුන්නටා නැත  
{කිසිදිනයක නියතේ }.....//

සිරිමහ බෝ මුල....

සවන සනහති නයන පිනවති
ඉගසුග නලවාලා....//
මනස කලබතී අනග සැරසෙතී
{රග දෙන මර දූලා.....}//

සිරිමහ බෝ මුල ...

සමාධි කම් මැද බුදුකුරු සිදුහත් 
තවුසා වෙසෙනු පෙනේ..//
දුරා ලතාවට වර අගනන්ගේ 
{හිමි නැත වසග වුනේ..}//

සිරිමහ බෝ මුල.....