ගී පද
සිරිදෙව්දුව යන්න ගියා අපෙන් ඈතට
පුංචි අම්මා අපේ පැලට අාපු දිනයෙම
සිහිවෙලා නිතර මට අම්මාගේ මතකය
කඳුලු පිරෙයි මගේ දෑසේ මටත් නොදැනිම
අප්පච්චි රැවටුනාට ඇයගේ බහට
පුතුගේ හිතේ ආදරයක් නෑනේ ඇයහට
මගේ ලොවට නුඹ දුන්නේ කඳුලු ගින්දර
අම්මාගේ ආදරයක් නෑනේ නුඹ ලඟ
සිරිදෙව්දුව...........
අම්මේ නුඹ තුරුලට වී ඉන්න මා හට
අහිමි උනත් අහිතක් නෑ මගේ තුන් හිතක
තිබෙන තුරා හැමදාමත් මගේ ජීවිතය
පතන්නෙ මං අම්මේ ඔබගේ ආදරය
සිරිදෙව්දුව...........