ගී පද
චිත්‍රපටය: සාරවිට (1965)
(සිරිසාර බුලත් විට කාලා බලන්....//)
හොඳ නංගී වරෙන් පොඩි මල්ලී වරෙන්
කට සුවඳ කරයි දත් පණුවෝ නොකයි
සිරිසාර බුලත් විට කාලා බලන්....
(පන්සලේ පල්ලියේ කෝවිලේ හංදිය
බස් නැවතුම්පල පෝලිමේ හැමතැන...//)
කාගෙත් හොඳහිත සමඟ බෙදාගෙන
කාලා බලන්....
(කරදමුංගු කරාබුනැටි සාදික්කා වසාවාසි...//)
(ඉඟුරුපියලි කොත්තමල්ලී චුන්නබූග නාගවල්ලි...//)
මේවා නිසි පදමට ගෙන කටට රහට
සිරිසාර බුලත් විට කාලා බලන්....
සිරිසාර බුලත්....
(ඇති නෑදෑකම් නැති කරගන්නට
නැති නෑදෑකම් ඇති කරගන්නට.....//)
සැපතට විපතට ගමනට බිමනට
කාලා බලන්....
කරදමුංගු කරාබුනැටි......