සිර වී තිබුණා හද පතුලේsira wii thibunaa hadha pathulee

Sirawi Thibuna Hada Pathule

සංගීතය:
සුරේෂ් මාලියද්දsureesh maaliyadhdha

ගී පද

සිර වී තිබුණා හද පතුලේ
ඔබ වෙත පිදු සෙනෙහේ
අවදි කළා ඔබ නොසිතූ මොහොතක
මා සඟවා සිටි ආදරේ

ඔබේ සුවඳ රැඳි සුළං කැරැල්ලක දැවටෙන්නට ආසයි
ඔබ අතිනත ගෙන ඔබට තුරුළු වී ඇවිදින්නට ආසයි
ඔබ අන්සතු යැයි කිසිම විටක මා නොසිතන්නට ආසයි
කවදා යළි අප එක්වන්නේදැයි දැනගන්නට ආසයි

ඇරඹුම කොතැනද අවසන කොතැනද නැත කිසිවෙතු දන්නේ
මා එක තැනකය ඔබ තව තැනකය කෙළෙසද හමු වන්නේ
ගතවන මොහොතක් පාසා හද තුළ ආදරේ ලියලන්නේ
සෙනෙහස පමණකි හිතවත ඔබගෙන් මා උදුරා ගන්නේ