සිරතසා සිසිලියා දූපතේ කතා නියාsirathasaa sisiliyaa dhuupathee kathaa niyaa

Sirathasa Sisiliya

ගී පද

සිරතසා සිසිලියා දූපතේ කතා නියා
ජෙනොවා මෙශීනා ඔබට මා රැවටුනා
වෙරොනා මරීනා කර්මෙලා තෙරේසා
ප් ‍රොන්තො මං ඉතාලියේ තනි උනා
කෝනෝ මං ඉතාලියේ තනි උනා

පෑදුවා මෙත් පිලේ සේදුවා පව් ජලේ
පා දුවා පල්ලියේ අන්තෝනි මුනි දිලේ
ද් ‍රේශියා නගරයේ රෝස කුසුම පල්ලියේ
රෝමෙ වතිකානුවේ සිහින දේවතාවියේ
ඉතාලියේ පීසා කුළුණ හමුවුනා
හරිම ලස්සනයිනෙ මම පුදුම වුනා

සිරතසා සිසිලියා දූපතේ කතා නියා
ජෙනොවා මෙශීනා ඔබට මා රැවටුනා
වෙරොනා මරීනා කර්මෙලා තෙරේසා
ප් ‍රොන්තො මං ඉතාලියේ තනි උනා
කෝනෝ මං ඉතාලියේ තනි උනා

මේ සෘතුවේ මිලානෝ සීතලයි
ඒ සීතලේ ඔයා නෑ හිත පෙලයි
ධූම පල්ලියේ දේව හාස්කම් රැසයි
ඇසින් දුටුව නම් ඔබ වුනත් එය සිතයි
එත්නා ගිනි කන්ද ඇවිලුනා
හිත නිවාගන්න තවම බැරි වුනා

සිරතසා සිසිලියා දූපතේ කතා නියා
ජෙනොවා මෙශීනා ඔබට මා රැවටුනා
වෙරොනා මරීනා කර්මෙලා තෙරේසා
ප් ‍රොන්තො මං ඉතාලියේ තනි උනා
කෝනෝ මං ඉතාලියේ තනි උනා
චාවෝ මං ඉතාලියේ තනි උනා