සිරකාරිය කළ මැනවිsirakaariya kala maenawi

Sirakariya Kala Manawi

සංගීතය:
රෝහණ වීරසිංහroohana wiirasinha
පද රචනය:
බන්දුල නානායක්කාරවසම්bandhula naanaayakkaarawasam

ගී පද

සිරකාරිය කළ මැනවි 
ඔබේ ප්‍රේමයේ - සපිරි ගේ
සදාකාලයට මා 
සිරකාරිය කළ මැනවි

ඔබේ ඇසින් ගලනා - එළියෙන් මට විළංගුලා
ඔබේ මුවින් නැගනා - ස්වරයෙන් දොර අගුළු දමා
ඔබේ මානයේ රඳවා - ලොවෙන්  වෙන්ව තබා
සිරකාරිය කළ මැනවි

ඔබේ වතින් හමනා සුවඳින් - මට ඔවදන් දී
ඔබේ පහස මවනා මිහිරෙන් - මට දඬුවම් දී
ඔබේ මානයේ රඳවා - ලොවෙන් වෙන්ව තබා
සිරකාරිය කළ මැනවි