සිංහල සින්දු කියනsinhala sindhu kiyana

Sinhala Sindu Kiyana

පද රචනය:
රත්න ශ්‍රී විජේසිංහrathna shrii wijeesinha

ගී පද

සිංහල සින්දු කියන
නළලේ තිලක තියන කිරිල්ලී
තුඩින් හදවතක්‌ අරගෙන
ගිනිගත් තල් අරඹට ආවාදෝ ඉගිල්ලී

දිව නුහුරු බසින් පෙම් කවි කී
කුරුල්ලාට වශී වී
ගිනි මලින් තැනූ මල් පොකුරක්‌
අතට ගත්ත මනාලී
මධු සමේ මධුර කටු අතරේ
පිපී වැනුන සුරූපී

ගිනි අවිත් එක්‌ක පෙමින් බැඳුන
විහඟ සෙනග අඬාවී
ඒ කඳුළු සිංහලට නගන්න
නුඹට හැකිය ප්‍රියාවී
ආදරය නුඹට බාරයි
රැකගනින් දේවතාවී