සිංහල අවුරුදු කාලේ ඇවිල්ලාsinhala awurudhu kaalee aewillaa

Sinhala Awurudu Kale Awilla

ගී පද

සිංහල අවුරුදු කාලේ ඇවිල්ලා 
සිත් වල එරබදු මල් පිපිලා
සන්තෝසෙන් අප ඔබ කාගෙත් මුව
පිරී ඉතිරේවා... කිරි ඉතිරේවා......

ගම්මානේම එක පවුලක් වී 
පැල්පත මැදුරක ඔපය වැටී
විරසක කම් දුරු වී යද්දී
ලෙන්ගතුකම් තව තව බෝ වී.....
සන්තෝසෙන් අප ඔබ කාගෙත් මුව
පිරී ඉතිරේවා... කිරි ඉතිරේවා......

රබන් පදේ හඬ පැතිරෙද්දී
කොවුලන් තරඟෙට ගයාවී ගී
සුභ නැකතට සුභ පැතුමන් දී
බෙදා හදාගෙන රස කැවිලි......
සන්තෝසෙන් අප ඔබ කාගෙත් මුව
පිරී ඉතිරේවා... කිරි ඉතිරේවා......

සිංහල අවුරුදු........