සිනාවකට වඩා ඔබේ කඳුළු වලටsinaawakata wadaa obee kandulu walata

Sinawakata Wada Obe Kandulu

ගී පද

සිනාවකට වඩා ඔබේ 
කඳුළු වලට මන් ආසයි 
මා වෙනුවෙන් නැගෙන කඳුළු නම් 
කඳුළු වලට වඩා ඔබේ 
සිනාවකට මන් ආසයි 
මා වට කර නැගෙන සිනා නම් 

සද එලියට වඩා සදේ 
සද අදුරට මන් ආසයි 
සද අදුරේ ඔබ හමු වේ නම් 
සද අදුරට වඩා සදේ 
සද එලියට මන් ආසයි 
සද එලියේ ඔබ හමු වේ නම් 

මහ මන්දිරයකට වඩා 
ඔබේ පැලට මන් ආසයි 
එය තැනුවේ මා වෙනුවෙන් නම් 
ජීවිතයම දුකක් උනත් 
ජීවිතයට මන් ආසයි 
ඔබ ඉන්නේ මා වෙනුවෙන් නම් 
සිනාවකට ........./