සිනාවකට වඩාsinaawakata wadaa

Sinawakata Wada

ගී පද

සිනාවකට වඩා ඔබේ කඳුළු වලට  මං ආසයි
මා වෙනුවෙන් නැගෙන කඳුළු නම්
කඳුළු වලට වඩා ඔබේ සිනාවකට මං ආසයි
මා වටකර නැගෙන සිනා නම්

සඳ එළියට වඩා සදේ සඳ අඳුරට මං ආසයි
සඳ අඳුරේ ඔබ හමුවේ නම් 
සඳ අඳුරට වඩා සදේ සඳ එළියට මං ආසයි
සඳ එළියේ ඔබ හමුවේ නම්

මහා මන්දිරයකට වඩා ඔබේ පැලට මං ආසයි
එය සැදුවේ මා වෙනුවෙන් නම්
ජීවිතයම දුකක් වුනත් ජීවිතයට මං ආසයි
ඔබ ඉන්නේ මා වෙනුවෙන් නම්