ගී පද
සිනාසෙන්න මට ලොවට පෙනෙන්නට
දෙන්න ඔබේ එක සිනා පොදක්
හඬා වැටෙන්නට ලොවට හොරෙන් මට
දෙන්න අපේ මතකයෙන් බිඳක්
කතා කරන්නට අප ගැන බිඳුවක්
අප ගැන අසනා අයට ඉතින්
කියාදෙන්න මට මා හැර ගිය හැටි
තාමත් ඒ ගැන දන් නෑ මං
අළු පාට හැන්දෑවෙ වැහි බිංදු පොද වැටෙන
ගං දෑල තාමත් ඒ වගෙද මට කියන්
දං පඳුර උඩ නැටුව රන් පාට සමනල්ලු
දා කොහෙද ඇසුවාද මට කියන්
රන් පාට දැවටිච්ච තුරු වදුල මත පිපුණ
පින්න මල් පරවුණිද කුමරුනේ මට කියන්
මං ඔබේ හිත ළඟම උණුහුමට ගුලිවෙච්ච
මල් සමය නිම වුණි ද මට කියන්