සිනහවයි කඳුලයි සදාsinahawayi kandulayi sadhaa

Sinahawai Kandulai Sadaa

ගී පද

සිනහවයි කඳුලයි සදා
ලෝකයේ බල දෙක මහා
සිනාසී හැඬුවත් හඬා 
සිනා පෑවත් එක තමා

සුදෝ පොඩ්ඩක් අඬන්න
හරිම ආසයි බලන්න
ඔයා ලස්සන අඬන විටදී
කඳුළු බිඳුවක් හෙලන්න //

ඔයා හෙළු කඳුලැලි අගේ
ගලන විට කම්මුල් දිගේ //
දිමුතු මුතු වාගේ පෙනෙන්නේ
ලස්සනක් නැහැ ඔය වගේ

සුදෝ පොඩ්ඩක් අඬන්න..

බොරු කියා ඔබ හැඬෙව්වත්
ලපටි හදවත රිදෙව්වත් //
මගේ ආලය මමයි දන්නේ
නැහැ වෙනස්කම් සිතින්වත්

සුදෝ පොඩ්ඩක් අඬන්න..
.
රත්තරන් අත් දෙක තබා
අඬන විට ඔබ ඉකි ගසා //
මගේ ආලය තවත් වැඩිවේ
තවත් අඬවමි බොරු කියා

සුදෝ පොඩ්ඩක් අඬන්න..