සිනහව අතරින් කඳුලක් උපන්නාsinahawa atharin kandulak upannaa

Sinahawa Atharin Kandulak Upanna

ගී පද

(සිනහව අතරින් කඳුලක් උපන්නා
ඒ බැව් නොදැනම සිනහවක්ම පෑවා)...//
සිනහව අතරින්

හිම කැට වැටෙනා සීතල උදයක
ඇය හමු වූවා කඳුකර පෙදෙසක
(හිම මෙන් පිරිසිදු ඔබෙ ආදරයේ)...//
සතුට ලැබෙන්නේ කෙලෙසද සොඳූරේ

කඳූලැලි දුන් ඔය නිල්මිණි දෑසට
කඳූලැලි දුන් ඔය නිල්මිණි දෑසට
පමණයි කෙල්ලේ ආලය කෙරුවේ

සිනහව අතරින් කඳුලක් උපන්නා
ඒ බැව් නොදැනම සිනහවක්ම පෑවා
සිනහව අතරින්

හදවත ගොළු නැත මා මියුලැසියේ
ගොළු කලෙ කවුදැයි ඔබ නේද දන්නේ
(ඔබ පමණයි මට සතුටට හිටියේ)...//
ඇයි ඒ සතුටත් ඉවතට දැම්මේ

නිල්මිණි දෑසට මම සුදු ආසයි
ඔබෙ ඔය දෑසට මම සුදු ආසයි
කවදත් නොලැබෙන මිරිඟුව ඒකයි

සිනහව අතරින් කඳුලක් උපන්නා
ඒ බැව් නොදැනම සිනහවක්ම පෑවා
සිනහව අතරින් කඳුලක් උපන්නා