සිනා පොදක් වීsinaa podhak wii

Sina Podak Wi

ගී පද

සිනා පොදක් වී දෙතොලෙ රැදෙන්නට
මට අවසර සබදේ
මනාපෙකින් සිත සෙනෙහෙ පුදන්නට
මට අවසර සබදේ

මතක සුවඳ  මැද හදට තුරුළු වී
හිඳින්න හෙට අද වගේ නෙතට සුවය දී
නෙතට සුවය දී නැගුණ සඳක් වී
නැගෙන්න ලොව තුළ මගේ

නිරුදක කතරේ මා නෙත ගැටෙනා
සිහිල් සුවය දෙනු මැනේ
තරු එළියක් වී දිවි මග සරසා
එකළු කරනු මතු දිනේ