ගී පද
සිනා අරන් ඔබ ආවා
කඳුළු අරන් ඔබ ආවා
ඔබ මුව පියුමක්
ඔබ එහි කඳුළක්
හමුවනදා .... අපි දෙන්නා //
සීතල කඳුළට ඉඩ දුන් දෙනෙතම
ඔබ මා වෙත ආ මොහොතේ
පියුමක් වී පිපුණා
ඔබ කියනා මල මා දෝ
මාගෙන් මා ඇසුවා
සිනා අරන් ....
සීතල සිනහව ඉපදුනු දෙතොලේ
ඔබ මා වෙත ආ මොහොතේ
සුසුමක් වී හැඩුවා
ඔබ පෙලනා දුක මා දෝ
මාගෙන් මා ඇසුවා
සිනා අරන් ....