ගී පද
සිලි සිලි සීතල ඇල්ලේ...
දිය සැලි සැලි යයි නැළවිල්ලේ...
නැහැවෙමු මේ කඳු නිල්ලේ...
අපි ඔංචිලි චිලි ඔංචිල්ලේ...//
මිහිදුම් සළුවේ දැවටී නැළවී
ලා දළු තේ පඳුරේ...
හිමිදිරි සීතල කඳුකරයේ
හමුවෙමු අපි දෙන්නා...
සිලි සිලි සීතල ඇල්ලේ.../
නිල් තණ පලසේ පිණි කැට දිලිසේ
මුතු පාවඩ අතුරා...
සිතු පෙම් මෝහන රජ දහනේ
හමුවෙමු අපි දෙන්නා...
සිලි සිලි සීතල ඇල්ලේ.../