සිහිවෙනකොට රුව සුන්දර (ආරති මගේ)sihiwenakota ruwa sundhara (aarathi magee)

Sihiwenakota Ruwa Sundara (Arathi Mage)

ගී පද

සිහිවෙනකොට රුව සුන්දර
සෙනෙහස දිදුලයි පෙම්බර
වැට ළඟ ඉඳගෙන අන්දර
ගීය ගයන්නම් පෙම්බර 
මංගල්ලෙට අද කෝවිලේ
එනවද උඹ මගේ ප්‍රේමියේ
(ආරතී මගේ ආරතී ආරතී..//)

මටද හොරෙන් මගේ හිතට
විද්දේ උඹ මයි හෙමිහිට
මංගල්ලේ බෙර හඬට
නැටුවේ උඹ නොවැ හැඩට
සින්නප්පගේ කලු කෙල්ලේ
උඹට නොවෑ මගේ ආදරේ
(ආරතී මගේ ආරතී ආරතී..//)

අම්මපා කෙල්ලේ පණට
වැඩිය ආදරෙයි උඹට
දමිළ උනත් උඹ යසට
කැපෙනවා මේ සුදු කොල්ලට
දමිල් හඬට එන කෝවිලේ
දැනෙනවා නුඹ ගැන ආදරේ
(ආරතී මගේ ආරතී ආරතී..//)

සිහිවෙනකොට රුව සුන්දර...