ගී පද
සිහිවටනය සේ කුමක් ලියන්නද
ඔබේ සුවද රැදී සමරු පොතේ
සිතිවිලි සහසින් සිතක උපන්නත්
කුමක් ලියන්නද සමරු පොතේ//
දේදුනු පාටෙති පිටුවෙන් පිටුවට
ආසිරි රේකා...සුහද පැතුම්//
ඔබේ නුවන් මට කීවේ රහසින්
ලියන්න ආසයි...මියුරි සිතින්
සිහිවටනය සේ කුමක් ලියන්නද.../
ඈත දිහාවක ආදර වෙරලේ
අපි හමුවූයෙමු අරුනොදේ//
එවන් අපේ පොඩි කතන්දරේ...
ලියා.. තියන්නද සොඳුරු ලඳේ
සිහිවටනය සේ කුමක් ලියන්නද.../