සිහිනෙන්වත් නුඹේ ඔය රුවsihinenwath numbee oya ruwa

Sihinen Wath Numbe Oya Ruwa

සංගීතය:
ප්‍රියන්ත නාවලගේpriyantha naawalagee
පද රචනය:
ගිහාන් පෙරේරාgihaan pereeraa

ගී පද

සිහිනෙන්වත් නුඹේ ඔය රුව
මට පෙනෙන්නේ නෑ 
සිහිනෙන් සොයා ආවත් හමුවෙන්නෙම නෑ 
රැකගන්නට නුඹගේ සෙනෙහස මට ලැබෙන්නෙ නෑ 
සිත තුල ඇති නුඹගේ මතකය අමතක නම් නෑ 
අමතක නම් නෑ

ඇසිපිය හෙළනා තරමට ආදරෙයි කියා 
හිස මත දිවුරා කීවත් මගේමැයි  කියා 
හැරයන්නට සිතුවේ නෑ මම සිහිනෙකින් පවා 
නුඹ ගියෙ ඇයි මා තනිකර වෙන හිතක් සොයා 

සිහිනෙන්වත් නුඹේ ඔය රුව....

රැකගන්නට සිතුවා සෙනෙහස මහමෙරක් කියා 
පෙරුමන් පිරුවා නුඹ ගැන අහසටත් වඩා 
නුඹ මැවූ ඒ සුන්දර ලෝකය මිරිඟුවක් වෙලා 
යලි එන්නට බෑ ආයෙත් ආදරේ සොයා 

සිහිනෙන්වත් නුඹේ ඔය රුව....