සිහිනෙන් සිහිනෙන්sihinen sihinen

Sihinen Sihinen

සංගීතය:
ලස්සන ජයසේකරlassana jayaseekara
පද රචනය:
මොහොමඩ් රිස්වාන්mohomad riswaan

ගී පද

සිහිනෙන් සිහිනෙන් පෑරු ඒ 
සිහිවේ සිනාවන් මුහුනේ 
ඈ දැන් කොහේ කොතැනකද කියා 
සයනේ සුවඳින් නෑවූ ඒ 
මාගේ සිත මිහිදන් වූයේ 
මාගෙන් නොපෙනී ඔබ දුරක ගිය 

මාගේ සෙනෙහෙ පරදුවට තියා 
ආයේ නොඑන සේ ගියේ 
තනිවී මා තනිවී ලොවේ 
ඈ මා දමා සැඟවී ගියේ        
තනිවී මා තනිවී ලොවේ
ඈ මා දමා සැඟවී ගියේ
තනිවී මා

සීමා මායිම් නෑ කීවේ 
ඔබමයි නිමාවක් වූයේ 
යන්නේ කොහේද ඈ නොදනිමි මා 
සුර ලෝකේකට දෝ යන්නේ 
නිදි යහනේ දෝ මේ ඉන්නේ 
සුර දුතියන්නේ ඇස් දල්වා 
චිතකේ ගිනිදැල් සුවඳින් නැහැවේ
සොහොනේ ලියූ ගී කියවෙයි 

තනිවී මා තනිවී ලොවේ 
ඈ මා දමා සැඟවී ගියේ        
තනිවී මා තනිවී ලොවේ
ඈ මා දමා සැඟවී ගියේ
(තනිවී මා)..//

සිහිනෙන් සිහිනෙන්....
මාගේ සෙනෙහෙ .....
(තනිවී මා)..////