සිහිනයේ දොරකඩsihinayee dhorakada

Sihinaye Dorakada

සංගීතය:
රෝහණ වීරසිංහroohana wiirasinha
පද රචනය:
රත්මලේ බන්දුල ගුනවර්දනrathmalee bandhula gunawardhana

ගී පද

සිහිනයේ දොරකඩ
නොපිපෙන පැතුමකි ඔබ මට
නිදි නැති සිත ගිනි අවුළන
සැඩ මාරුතයක් විය ඔබ මට

(මේ තරම් කඳුළු වරුසා...//)
මේ තරම් ඇයි සොඳුරු යෞවනයට
ජීවිතය මැකෙනා
අවපසේ සඳ විලසට

(රැයෙන් රැය දිගු කාලයක් වී...//)
මේ තරම් ඇයි දුකක් ඔබ අහිමි ව
සෙනෙහසින් වඩිනා
හද සුවඳ කෝ කොතැන ද