සිහිනයට සමු දීsihinayata samu dhii

Sihinayata Samu Dee

සංගීතය:
කසුන් මධුශංකkasun madhhushanka
පද රචනය:
කුමුදු අබයදීරkumudhu abayadhiira

ගී පද

සිහිනයට සමුදී සුදු ලංවී 
නෙතු කඳුළැල් නිවී 
සඳ තුරුලේ නිදී 
ආදරය ගෙනෙනා මනලෝලී 
මල් සුවඳේ එතී ඔය සුසුමේ රැඳී 
මා දිවියේ හැඟුමන් දෙනා 
රැඟුමන් ගෙනා සුදු සඳ සාවී 
නාරි ගමනේ සැලී 
මාල මුතුවැල් වෙලී
සඳ මගේ සිප ගමී මනමාලී 

ඇස් පැටලවූ ආදරේ 
හෝ.. හෝ.. හද වේදනා ගලවා දමා 
කතරක විඩා වැස්සක් සලා
නගරය පුරා අරුමැසි ගෙනා     
සුදු සඳ ඔයා.. සුදු සඳ ඔයා..

රාගය නිවූ ආදරේ 
හෝ.. හෝ.. හෝ..
ඔබ මට දෙනා සිහිලැල් සිනා 
ඇරයුම් කළා නෙතඟින් බලා 
දාහය නිවා මනරම් කතා 
සුදු සඳ ඔයා.. මගෙ සඳ ඔයා..

සිහිනයට සමුදී සුදු ලංවී....