සිහිනයකි ඔබ නිහඬ මැදියම් රෑsihinayaki oba nihanda maedhiyam rae

Sihinayaki Oba

ගී පද

සිහිනයකි ඔබ නිහඬ මැදියම් රෑ
නිදන නෙත් යුග සනසනා
සිතුම් රැලි ඔබ තනිව හිදි වේලේ
නිහඬ මා හද සනසනා

ඉරකි ඔබ මට සදකි ඔබ මට
කිසිදු කිසි විට සමුනොගන්නා
සයුරු රළ ඔබ ඈත සමුදුර
සයුරුතෙර මා හමුවනා

යුග ගණන් අප වෙන්ව ආ මඟ
සොදුරු නිම්නෙක එක්වෙලා
දුක් සුසුම් නැති අපේ ලොව තුල
සිනා මල් පෙති විසිරිලා

හිරුට තනි නැත සදුත් නැත තනිවී
එකම අහසක හමුවෙලා
ලොවම සසලව බලා සිටියාවේ
යලිදු අප හද ලංවෙලා