ගී පද
සිහින පොදි වැල් ගෙතුණු මනරම්
නෙතග හසරැල් දැනුනු හැඟුමන්
පෙර දිනක සිට ඇඳුනු සිත්තම්
පිදූ සෙනෙහස දැනෙයි තාමත්
පිපී හිනැහුණු දිගැටි නෙතුයුග
ආදරේ දිගු රටා ඇන්දේ
ළබැඳි ප්‍රේමය අහස් ගවුවක්
දුරක පැතුමන් පැතුම් මැවුවේ
පිදූ සෙනෙහස දැනෙයි තාමත්
මැකී බොඳවුණු සොඳුරු පැතුමන්
පෙම් සිතක රස හැඟුම් බින්දේ
හැදින් ගිලිහුණු නොහිමි මතකය
හෙටත් කඳුලක් නෙත නගන්නේ
පිදූ සෙනෙහස දැනෙයි තාමත්
සිහින පොදි වැල්...