සිහින පැතුමන් ඈගේ sihina paethuman aegee

Sihina Pathuman Aege

ගී පද

සිහින පැතුමන් ඈගේ 
සැබෑ කර දුන්න සිතා 
වෙන කාටවත්ම ඈ 
ආදරේ වෙන්නෙ නෑ
ඔබ මුලා වී දෝ මට සිතෙයි 
ඇගෙ ආදරේ මා හටමයි 
ඇගෙ ජීවිතේ මා පමණයි 
මා හටම පැවසුවා ඈ එදා

ඈ පැවසූ ලෝකේ 
අපගේ වූ කාලෙ 
සැබෑවක් වේවි 
සිතන්න එපා ඔබ මිතුරේ
ඈ පැවසූ ලෝකේ 
දැන් සිහිනයක්ම වාගේ 
සැබෑවක් වේවි 
ඔබ සිතන්න එපා මිතුරේ

මුලා වී ඔබ ඈ රුවේ 
සිතාවී ඒ ආදරේ 
ඔබ නොවේ ඈගේ 
සිහින මන්දිරේ 
මුදු දෑත ගෙන මා ඈගේ 
ගං දියේ පාවී සිටි එදා 
උණුසුමෙන් ඈ මා ළං වෙලා 
සැනසුනා ඈ එදා ඈ එදා

ඈ පැවසූ ලෝකේ 
අපගේ වූ කාලෙ 
සැබෑවක් වේවි 
සිතන්න එපා ඔබ මිතුරේ
ඈ පැවසූ ලෝකේ 
දැන් සිහිනයක්ම වාගේ 
සැබෑවක් වේවි 
ඔබ සිතන්න එපා මිතුරේ ////