සිහින මවන්නැති අහස උසට තනියමsihina mawannaethi ahasa usata thaniyama

Sihina Mawannathi

ගී පද

සිහින මවන්නැති අහස උසට තනියම 
ළං වෙන්න වෙන්න ඇයි සමහර දුර
ඇහෙන දකින දේවල් කොතරම් තිබුණද
හදට දැනෙන දේවල් ඇයි එතරම් බර
සිර වෙලා නැවතිලා නැතිනම් සීමාවක
නිදහසේ ඉගිලිලා යමු එක රෑනක.......

සෑම දේම නිමවිය හැක නිමේෂයක 
එහෙම උනෝතින් මොනව හිතන්නද
සිහින විමන්වල කවුළු පියන් හැරුණම 
අනන්තයට යනවාමයි ඒ මොහොතෙම 
සිර වෙලා නැවතිලා නැතිනම් සීමාවක
නිදහසේ ඉගිලිලා යමු එක රෑනක.......

සිර වෙලා නැවතිලා නැතිනම් සීමාවක
නිදහසේ ඉගිලිලා යමු එක රෑනක.......