සිහින මගේsihina magee

Sihina Mage

සංගීතය:
චන්දන වල්පොලchandhana walpola
පද රචනය:
සුජිත් ප්‍රියාන්sujith priyaan

ගී පද

සිහින මගේ අළු කරලා මිරිඟුව වී ඔයා
හද කලඹාලා මට රහසින් ගියාදෝ දමා
දුක් ගී වැල් හදවත පුරවා ලියා
ඇයි මං තනිකර යන්න ගියේ මැකිලා
නින්දක් නෑ ඔබ නැති දා ඉඳලා
මැරි මැරි මට බැහැ ඉන්නට උහුලා
මනසින් මම ඔබ ළඟමයි හැමදා 
දැනෙනවාද මම ඉන්නවා කියලා.....

සසරේ පුරා ළඟ රැඳිලා මා එකට ඉන්නවා කියා
ශෝකේ දවා මා වෙන් වුණේ ඇයි ඔයා
ආදරේ වේදනා මා සන්තක කර පාළුවේ දමා
නින්දක් නෑ ඔබ නැති දා ඉඳලා
මැරි මැරි මට බැහැ ඉන්නට උහුලා
මනසින් මම ඔබ ළඟමයි හැමදා 
දැනෙනවාද මම ඉන්නවා කියලා.....

සුසුම් මගේ පවනේ එතිලා ඔබ කොහේදෝ කියා
සිතිජ ඉමේත් සෙව්වා කියාලා ඔයා 
දන්නේ නෑ වේදනා මට විතරක් දී නික්මිලා ගියා
නින්දක් නෑ ඔබ නැති දා ඉඳලා
මැරි මැරි මට බැහැ ඉන්නට උහුලා
මනසින් මම ඔබ ළඟමයි හැමදා 
දැනෙනවාද මම ඉන්නවා කියලා......