සිහින කුමරා තේමා ගීතය (මා ඉගිලෙන්නේ)sihina kumaraa theemaa giithaya (maa igilennee)

Sihina Kumara Theme Song (Ma Igilenne)

ගී පද

මා ඉගිලෙන්නේ ඔබෙන් ඈතට ඉගිලෙන්නේ
ඔබේ සොඳුරු හඬිනුයි මා නිදහස් බව මට දැනුනේ
ඔබේ මුදු පහසින් මා මිහි සිටිනා බව දැනුනේ
මට දැනුනේ මා දුටුවේ මා කීවේ එනිසයි
(මට නොදැනී මට නොපෙනී මා නිහඬයි සැමදා
නිදියනු බෑ අදහනු බෑ දිවියක් නෑ කිසිදා
මියැදෙන්නට බැරිවෙන්නට ඉගිලෙන්නේ 
මා ඔබගෙන් වෙන් වී ඈතින් ඈතට ඇදිලා යන්නේ......//)

මා ඉගිලෙන්නේ ඔබෙන් ඈතට ඉගිලෙන්නේ
මට නොදැනී මට නොපෙනී මා නිහඬයි සැමදා
නිදියනු බෑ අදහනු බෑ දිවියක් නෑ කිසිදා
මියැදෙන්නට බැරිවෙන්නට ඉගිලෙන්නේ 
මා ඔබගෙන් වෙන් වී ඈතින් ඈතට ඇදිලා යන්නේ
ඔබේ මුදු පහසින් මා මිහි සිටිනා බව දැනුනේ
මට දැනුනේ මා දුටුවේ මා කීවේ එනිසයි........