සිහින හොරා sihina horaa

Sihina Hora

ගී පද

සිහින හොරා මේ හිත කියවලා
හොරහින් සුසුමන් පිටකලා
පෙම්බර කල්පනා හරි හුරතල් වෙලා
මේ ඇස් වටේ කැරකුනා
තරු දෑස හෙමින් කියන කතා හොඳින් වැටහුනා
මා දන්නෑ වගේ උන්නා
පොඩ්ඩක් ගනන් උස්සලා

හිත කීරි ගැහෙනා පෙම් පාරු හිනහා
මනමාල කම් පෑදුවාවේ
සංකාවේ වෙලෙනා සන්තාප හරවා
ඔබ මාගේ හීනෙට වුනාවේ

තරු දෑස හෙමින් කියන කතා හොඳින් වැටහුනා
මා දන්නෑ වගේ උන්නා
පොඩ්ඩක් ගනන් උස්සලා
සුභ හීන පෙනෙනා රෑ තිස්සේ නොනිදා
පෙම් හීන මල්වර වුනාවේ 
හිත තෝරගෙන මා ඔබෙ ආලෙ ඉල්ලා
ලං වෙන්න කාලය තමයි මේ
තරු දෑස හෙමින්.../

සිහින හොරා.../