සිහින හොරා මේ හිත කියවලාsihina horaa mee hitha kiyawalaa

Sihina Hora

ගී පද

සිහින හොරා මේ හිත කියවලා 
හොරැහින් සුසුමන් පිටකලා 
පෙම්බර කල්පනා
හදේ හුරතල් වෙලා
මේ ඇස් වටේ කැරකුණා 
තරු දෑස හෙමින් කියන කතා හොදින් වැටහුනා 
මා දන්නෑ වගේ උන්නා 
පොඩ්ඩක් ගනන් උස්සලා.......

හිත කීරිගැහෙනා
පින්තාරු සිනහා
මනමාලකම් පෑදුවා වේ
සංකාවෙ පෙලෙනා 
සන්තාප හරවා
ඔබ මාගෙ හීනෙට උනාවේ..
තරු දෑස......

සුභ හීන පෙනෙනා 
රෑ තිස්සෙ නොනිදා
පෙම් හීන මල්වර උනා වේ 
හිත දෝරෙ ගලනා 
ඔබෙ ආලෙ ඉල්ලා
ලංවෙන්න කාලය තමයි මේ...
තරු දෑස...

සිහින හොරා.........