සිහින ගෙනාවේ සඳ නැගෙන වෙලාවේsihina genaawee sanda naegena welaawee

Sihina Genawe Sanda Nagena Welawe

ගී පද

සිහින ගෙනාවේ සඳ නැගෙන වෙලාවේ
මතක අපේ සිහිකරන්නදෝ
ලොවම කථාවේ අප බිදුණු සෙනේහේ
සිතට ඔබෙි සිහි නොවන්නෙදෝ //

හදට ළං වෙලා ඔබ කියූ පෙම් කථා
සුළං රොදේ වෙලී පාවෙලා
නැගෙන වේදනා හද විරහ කල්පනා
සුසුම් කියයි නොවී චෝදනා 

සිහින ගෙනාවේ ....

බිඳුණු ජීවිතේ අද තනිව ආදරේ
දෙනෙත මැවු සිහිනයක්මදෝ
සසර මාවතේ මා සිටිමි පාළුවේ
සෙනෙහෙ සිතින් හමු නොවන්නෙදෝ

සිහින ගෙනාවේ ....