ගී පද
සිහින් සරින් ඉකි බිද බිද
හද හඩවනු ඇයිද කුමරි
මල් හී සර ඔබේ වෙතට
මා නොහෙලමි හීන කුමරි
මා නොහෙලමි හීන කුමරි //
ආදරයේ වේදනාව
දිනකදි ඔබ හට දැනේවි
ඒ දැනුනම මගෙ හී වෙත
ඔබ නිහඩව බැන වදීවි
ඔබ නිහඩව බැන වදීවි
සිහින් සරින් ....
ආදරයේ කදුලු පලස
මත නිහඩව ඔබ හිදීවි
නිබදව ඔබ හිදිනා සද
ඔබ නිහඩව බැන වදීවි
ඔබ නිහඩව බැන වදීවි
සිහින් සරින් ....